Total Pageviews

Friday, October 17, 2014

Psychological Counseling - මනෝවිද්‍යාත්මක උපදේශනය - (Professional Advice)






Counseling can help people develop better ways to recognize and handle their problem behaviors and thoughts, and improve how they relate to others. 

In cognitive behavioral therapy (CBT), people learn to test the reality of their thoughts and better manage symptoms. 

Other forms of therapy aim to improve self-care, communication, and relationship skills.


ඔබගේ ගැටළුවලට සහනයක් ලබා ජීවිතය ඵලදායකත්වය වැඩි කරගෙන සතුටෙන් ජිවත් වන්න අපට අමතන්න

ජිවිත ගැටළු තුලම දුකෙන් ජිවත් වීමෙන් ඔබට මානසික ආතතිය ඇතිවිය හැක.  
ඔබට දැඩි තනිකමක් දැනේද?
ඔබට ජීවිතය පිළිබඳ කලකිරීමක් ඇත්ද? 
ජීවිතය වින්දනය වෙනුවට විඳවයිද? 
නිරතුරුව ආසුබවාදී සිතුවිලි ඇතිවේද?
උදාසීන බවක් දැනේද?
යම් දෙයකට ඇබ්බැහි වී හෝ දැඩිලෙස ඇලුම් කරයි හෝ ජිවිතයට අදාල දේ එපාවී හෝ ඇත්ද?
සමාජ සම්බන්දතා තුල ගැටළු මතුවී ඇත්ද?
සම්බන්දතා බිදීම වෙන්වීම හෝ වියෝව නිසා වේදනාවෙන් පසුවන්නේද?
එදිනෙදා කටයුතු වෙනදා මෙන් කිරීමට ආසාවක් නැද්ද?
සිත එකතැනක තබා ගැනිමට අපහසුද?
මතක තබා ගැනීම ගැටළුකාරී වී ඇත්ද?
කල්පනාව දුබල වී ඇත්ද?
තීරණ ගැනීමේ අපහසුතා ඇත්ද?
අන් අය කෙරෙහි නොරිස්සුම හැගීම් ඇතිවේද?
නිතරම කෝපය ඇතිවේද?
හුදකලා වීමට සිතේද?
නිතරම නිදිමත ගතිය හෝ සුව නින්දක් ලබා ගැනිමට නොහැකිද?
ඔබේ අරමුණු වලට බාධා කරන බිය හෝ සැකය පවතීද?
ඔබ බලාපොරොත්තු වන පරිදි ජීවිතය ගත කිරිමට අපහසු වී ඇත්ද?
එකම දේ නැවත නැවත කිරිමට සිත බල කරයිද?
අන් අය තමා ගැන වරදවා සිතයි යන සමාජ බිය සහිත සිතුවිල්ල නිතර ඇතිවීම නිසා ජිවිතයට අදාල කටයුතු සදහා අධික ලැජ්ජාවක් පවතීද?
මෙහි සදහන් එක් ගැටලුවක් හෝ ඔබට ඇත්නම් සේවය ලබා ගැනිම සදහා - දිනය වේලාව වෙන් කර ගැනීමට සදහා  0724332618 අංකයට හෝ 0112636808 දුරකථන අංකයෙන්  අපට අමතන්න.
ඔබ දැනටමත් මානසික රෝගයකට ගොදුරු වී ඇත්නම් ඖෂධ වලින් පමණක්ම සුවය හෝ රෝගය පාලනය කල නොහැකි නිසා ඒ සදහා මනෝ උපදේශන ප්‍රතිකාරද විශේෂයෙන් වැදගත් වේ.

Stop stress before they affect your whole life. Come to us, we can discuss and resolve your personal or psychological problems. Talk to us and release and relax yourself. We respect the rights of our clients.
Every counseling session will be handle only by a qualified and professional counselor
Why should you get counseling?

    
පුද්ගලයකුගේ අභ්‍යන්තර මානසික ගැටළු ස්වයංසාදක ස්නායු පද්ධතිය කෙරෙහි බලපෑම් ඇතිකර
රෝගී තත්ත්ව ඇතිකරයි. මෙම රෝග
මනෝ කායික රෝග (Psychosomatic) ලෙස හදුන්වයි.
ඇඳුම, අමාශ ගත තුවාල, රුමැටික් හන්දි අබාධ, අධි රුධිර පීඩනය, 
ආන්ත්‍රික ප්‍රදාහය, ස්නායු ආශ්‍රිත චර්ම ප්‍රදාහය ඉන් කිහිපයකි

"Some physical diseases are thought to be especially prone to be worsened by mental factors such as anxiety and stress. Examples include eczema, psoriasis, high blood pressure, ulcers and heart disease

මනෝවිද්‍යාත්මක උපදේශනය සදහා යොමු විය යුත්තේ ඇයි?
භෞතික හෝ මානසික තර්ජනයන්ට (සැබෑ හෝ මනඃකල්පිත) සාර්ථකව මුහුණ දීමට නොහැකි වීම නිසා ආතතිය හටගනී. මානසික ක්‍රියාදාමයක් නිසා හට ගන්නා වූ ජීව විද්‍යාත්මක ප්‍රතිචාරයක් වන මෙය, කෙටි කාලීන ප්‍රතිචාරයක් වශයෙන් ඵලදායී වුවද දීර්ඝ කාලීනව ගත් විට ශරීරයට හානිකර විය හැකිය.
කළබලකාරීවීම, ඇඩ්‍රිනලින් නිෂ්පාදනය, තාවකාලික ප්‍රතිරෝදය හා විඩාවට පත්වීම මෙන්ම නොසන්සුන්කම, මාංශපේශී තදබව, අවධානය අඩුවීම හා හිසරදය, හෘද ස්ඵන්දන වේගය ඉහළ යාම ආදී ලක්ෂණද මානසික  ආතතිය හා බැඳී පවතී. මානසික ආතතිය, මානසික රෝග ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ දමන ප්‍රධාන සාධකයකි.

මානසික ආතතියේ ප්‍රතිථලයක් ලෙස මොළයේ ඇතිවන රසායනික වෙනස් වීම් හරහා කෝටිසෝල්, ඇඩ්ඩ්‍රනලින් වැනි විෂ ද්‍රව්‍ය ශරීරයට පිට කරයි. ආතතිය මගින් මනසේ උපාංග පමණක් නොව ජීව විද්‍යාත්මක වෙනස් වීම් ද ඇති කරනු ලැබේ.
මනෝවිද්‍යාව යනු පුද්ගල කායික සහ මානසික චර්යාවන් පිළිබඳ විද්‍යාත්මකව අධ්‍යනය කරනු ලබන විෂය ධාරාවකි. විශේෂයෙන්ම දෛනික ජීවිතයේදී විවිධ විෂමකාරී කායික හා මානසික ගැටලූවලට බඳුන් වන අපට ඒ සඳහා වූ විවිධ ප‍්‍රතිකාර සොයාගත හැකිය. එහෙත් පුද්ගලයකු මානසික අවපීඩනයකට පත් වූ කල එය ක්‍ෂණික හෝ දීර්ඝ කාලීන විය හැකිය. එවන් අවස්ථාවන්ට පත්වන ඕනෑම පුද්ගලයෙකු මානසික නිරවුල් භාවයෙන් යුත් නිරෝගී පුද්ගලයකු බවට පත්කර ගැනීමෙහිලා උපදේශන මනෝවිද්‍යාව වැදගත් වේ. එය ප‍්‍රායෝගිකව මිනිසාගේ දෛනික ජීවිතයට යොදා ගැනීම තුළින් කාංසාව, විෂාදිය, ඉච්ඡාභංගත්ත්වය, ක්ලමතය හා සියදිවි හානිකර ගැනීමට පෙළඹීම වැනි මානසික ව්‍යාධීන්ගෙන් මිදිය හැකිය.


Stress ක්ෂණික ආතතිය ක්ලමථය රුධිර පීඩනය කෙරෙහි බලපාන අයුරු




සිතෙහි බරක් දැනෙන හෝ ජිවිතයේ යම් අපැහැදිලි ගැටළුකාරී තත්වයන්ගෙන් හෝ මානසික දුක් දොම්නස් පීඩා වලින් හෝ මිදී සැහැල්ලු ජිවිතයක් ලබා ගැනිමට උපදේශනය සදහා යොමු වන්න.  

Be free to call us if you need our service

0112636808 / 0724332618