Total Pageviews

උපදේශනය කා සඳහාද?

අප කුමන හෝ ජිවිත ගැටළු නිසා මානසික ආතතියෙන් පීඩා විදින විට අපගේ දෛනික ජීවිතය සමබරව නිසි අයුරින් පවත්වාගෙන යෑමට එයින් බාදා ඇති වේ. එයින් අප තුළ ජීවිතය පිළිබද ඇති විය යුතු උනන්දුව, උද්යෝගය හීන කරනු ලබන අතර  අප මානසිකව වෙහෙසකාරී තත්ත්වයකට ඇද දමයි.

බොහෝ පුද්ගලයින් විවිධ ප‍්‍රශ්න, ගැටලු හා රෝගාබාධ නිසා නිරන්තරව පීඩා විඳීනු ලබන නමුත් ඒවා විසඳ්‍රගැනීම පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනිමට උනන්දුවන්නේ නැත.

මේ නිසාම බොහෝ ශාරීරික ලෙඩ රෝග වලටත්, මානසික ලෙඩ රෝග වලටත්, ආර්ථික පරිහනියටත්, පවුල තුලත්, සමාජය තුලත්, ගැටළු රැසකටත් ඔවුන් නොදැනුවත්වම ගොදුරු වනවා. ජීවිතය විදිනවා වෙනුවට වැඩි කාලයක් ජීවිතය විඳවනවා.

දුක, වේදනාව, වෛරය, පළිගැනීමේ චේතනා, කළ කිරීම, අනිසි බිය සැකය අනිසි ලැජ්ජාව ආදී චිත්තවේගයන්ගෙන් පීඩා විඳින අය සඳහා උපදේශනය අත්‍යාවශ්‍යයි. ඒ අයට උපදේශනය තුළින්  සහනශීලී සුවදායක, සතුටෙන් පිරි සහ පලදායක ජීවිතයක් ලබා ගැනිමට හැකිවේ.

විසඳුම් සොයා ගත නොහැකි ගැටලුවකට මැදිව සිත් වේදනා විඳින, එහි අතුරු ඵලයක් ලෙස මානසික පීඩාවන්ට ගොදුරු වූ අය සඳහා ද උපදේශනය අත්‍යාවශ්‍යයි.

ජිවිතයේ කුමන හෝ ගැටලුවට කිසිම පිළිතුරක් නැතැයි සිතා සියදිවි නසා ගැනීමට උත්සාහ දරන එසේ සිතන අය සඳහාත් උපදේශනය අත්‍යාවශ්‍යයි.


උපදේශනය තුලින් ජීවිතයට අලුත් බලාපොරොත්තු එක් කෙරේ.

No comments:

Post a Comment