Total Pageviews

උපදේශන මනෝවිද්‍යාව යනු කුමක්ද?

උපදේශන මනෝවිද්‍යාව යනු ව්‍යවහාර මනෝවිද්‍යාවට අයත් විෂය ක්ෂේත‍්‍රයක් වන අතර මෙය වෘත්තිමය පුහුණුවක් තුළින් න්‍යායාත්මක දැනුම වර්ධනය කළයුතු විෂය සීමාවකි. උපදේශනය යනු මානව චර්යාව විශ්ලේෂණය කර එය සකස් කීරීම සඳහා මනෝවිද්‍යාත්මක මූලධර්ම යොදා ගැනීම වේ. උපදේශනය මනෝවිද්‍යා විෂයට අදාල වෙනම ම ක්ෂේත‍්‍රයකි. උපදේශනයේ පදනම මනෝවිද්‍යාව වේ.  මිනිසාට ඇතිවන ගැටලූ විග‍්‍රහ කරන්නේ මනෝවිද්‍යාවෙනි.  එබැවින් උපදේශන මනෝවිද්‍යාව යනු පුද්ගලයාගේ ගැටලූවලට පිළිතුරු සොයා ගැනීමට, විසදා ගැනීමට උදව් කරයි. මෙහිදී  ගැටලූව විසදා ගැනීම කෙරෙහි සේවාලාභියා තුළ ස්වයං අවබෝධයක් ඇති කරයි, නැතහොත් ඔහුව සවිඥානික කරයි.

උපදේශනය තුළින් අවධානය යොමුවන්නේ අධ්‍යාපනය හා කෙටි කාලීන ප‍්‍රතිකාර ම`ගින් පුද්ගලයාට ඇති තදබල මානසික ගැටලූ වැළැක්වීම හා පුද්ගල සංවර්ධනය ඇති කිරීමයි. මෙහිදී ‘වැළැක්වීම’ යන්න ඉතා වැදගත්ය. වැළැක්වීම සිදු නොකළහොත් සංවර්ධනයක් සිදු නොවේ. එමනිසා අධ්‍යාපනය තුළින් සේවාලාභියාව තම ගැටලූව සම්බන්ධයෙන් සවිඥානික කරයි.
අධ්‍යාපනය ලබා දීමෙන් නොනැවතී කෙටි කාලීන ප‍්‍රතිකාර සඳහාද යොමු විය යුතුය. මෙහිදී ප‍්‍රතිකාර යන්නෙන් අදහස් කරන්නේ ඖෂධමය නොවන ප‍්‍රතිකාරයන්ය. මේ අනුව උපදේශන මනෝවිද්‍යාව ලොව පුරා ප‍්‍රචලිත වීමත් සම`ග එය සමාජයේ විවිධ ක්ෂේත‍්‍රයන් තුළින් පැන නැගෙන ගැටලූකාරී තත්ත්වයන් අවම කිරීම සඳහා යොදා ගනී.

ක‍්‍රි.ව 1920 දී පමණ වනවිට ඇමරිකානු සමාජයේ පවුල් ප‍්‍රශ්න විසදා ගැනීම සඳහා පවුල් උපදේශන මධ්‍යස්ථානද බිහි විය.

පුද්ගලයකු මානසික අවපීඩනයකට පත් වූ කල එය ක්‍ෂණික හෝ දීර්ඝ කාලීන විය හැකිය. එවන් අවස්ථාවන්ට පත්වන ඕනෑම පුද්ගලයෙකු මානසික නිරවුල් භාවයෙන් යුත් නිරෝගී පුද්ගලයකු බවට පත්කර ගැනීමෙහිලා උපදේශන මනෝවිද්‍යාව වැදගත් වේ. එය ප‍්‍රායෝගිකව මිනිසාගේ දෛනික ජීවිතයට යොදා ගැනීම තුළින් කාංසාව, විෂාදිය, ඉච්ජාභංගත්ත්වය, ක්ලමතය හා සියදිවි හානිකර ගැනීමට පෙළඹීම වැනි මානසික ව්‍යාධීන්ගෙන් මිදිය හැකිය.


මේ අනුව පුද්ගල කේන්‍ද්‍රීය උපදේශන න්‍යාය පිළිබඳව විමසීමේදී තම ජීවිතය යළි ගොඩන`ගා ගැනීම සඳහා දැඩි උත්සහයක් හා ආශාවක් ඇති සේවාලාභීන්ට මෙම උපදේශන ක‍්‍රමය ඉමහත් සේවාවක් ඉටු කෙරේ. මන්ද යත් මෙය පුද්ගල කේන්‍ද්‍රීය උපදේශනයක් වන නිසාවෙනි.

No comments:

Post a Comment